BANNER

Sunday, November 15, 2015

ස්වයං එකලස් තාක්ෂණය - self assembly technology

ස්‌වයං එකලස් විම යනු කුමක්ද?

ඔබ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ද චිත්‍රපට රසිකයෙකු නම් මෙවැනි ස්‌වයං එකලස් වීමේ සංසිද්දීන් ඕනා තරම් දැක  ඇතුවාට සැක නැත. Transformers, Terminater, වැනි  චිත්‍රපට වල මෙවන් දර්ශන බහුලව දක්නට ලැබේ.  කුඩා ප්‍රමාණයේ කොටස් වලින් සැදුනු රොබෝවරු  පිපිරීමකින් කැඩී ගිය පසු නැවත එම කැඩී ගිය කොටස්  මනුෂ්‍ය මැදිහත් වීමකින් තොරව එකලස් වී නැවත පළමු රොබෝව නිර්මාණය වීම  හෝ  කුඩා කොටස් කොටස් එකතු වී වෙනත් හැඩයකට පරිවර්තනය වීම  එම චිත්‍රපට වල දක්නට ලැබූ ප්‍රදාන සංකල්පයයි.
නමුත් එම ප්‍රබන්දයන් සැබෑවක් වෙමින් පවතින බව ඔබ නොසිතන්නට ඇත. මේ ලිපිය එය පිළිබඳව දැනුම් බිඳක් ඔබ හමුවේ තැබීමට මා ගන්නා ව්‍යායාමය යි.
       

      







විසිවන සියවස අවසානය කරා ලඟා වනවිට භෞතික  විද්‍යාව හා පරිගණක තාක්ෂනය යන අංශ දෙකෙහිම ඇතිවූ දියුණුවත් සමග මනුෂ්‍ය වර්ගයාට මුලික ද්‍රව්‍ය ක්‍රමිකව එකතුකරමින්  අවශ්‍ය හැඩය ලබාගැනීමේ ක්‍රමවේදයට පිවිසීමේ හැකියාව ලැබුණි. මෙයට අභාෂය ලැබුනේ සෛල එක්වී ස්වභාවිකව ජීවින් නිර්මාණය වීමය.


ස්වාභාවිකව සෛල වලින් ජිවීයෙක් නිර්මාණය වීමේදී ජීවියාට ලැබිය යුතු හැඩය , ප්‍රමාණය පිලිබඳ සියලු තොරතුරු අඩංගු වන්නේ සෛලය තුලමය. එම හේතුවෙන් භාහිර මැදිහත් වීමකින් තොරව ස්වාභාවිකව වර්දනය වී එයට අවශ්‍ය හැඩය හා ප්‍රමාණය ලැබේ.තවද අජිවිව ස්වයං එකලස්ව නිර්මාණය වන වස්තු ලෙස ස්පටික නිර්මාණය වන්නේද මෙකී ක්‍රමවේදයෙන් ය. නමුත් අප කෘතිමව යමක් නිර්මාණය කිරිමේදී එය සෑදීමට ගන්න මූලික ද්‍රව්‍ය තුල අප සැදීමට යන වස්තුවෙහි ජ්‍යාමිතික හැඩය,ප්‍රමාණය පිළිබඳව කිසිම තොරතුරක් අඩන්ගුවන්නේ නැත. නමුත් අපට යම් ආකාරයකින් එම මුලික ද්‍රව්‍ය තුල අදාළ සැදීමට අවශ්‍ය වස්තුවෙහි වස්තුවෙහි ජ්‍යාමිතිය  පිලිබඳ තොරතුරු ඇතුලත් කිරීමට සමත් වුවහොත් එය මිනිස් ඉතිහාසයේ ඉදිරි පිම්මක් වනු ඇත. ස්වයන් එකලස් වීමේ තාක්ෂණයට පදනම වැටෙන්නේ මෙම සංකල්පයත් සමගයි.  

ස්වයං එකලස්  වීමේ ආකාරය අනුව එය කොටස් දෙකකි.

1. Uncoded
2. Coded

uncoded-

coded- 

Uncoded ක්‍රමයේදී විශේෂ ජ්‍යාමිතික ව්‍යුහයන් පිළිබඳ තොරතුරු මූලික සංගටක තුල  අඩංගු නොවන අතර එය ශක්තිය අඩුවන පිළිවෙලට සකස් වෙයි. නමුත්  Coded ක්‍රමයේදී සැදීමට අවශ්‍ය වස්තු ජ්‍යාමිතික හැඩය පිළිබඳව මූලික සංඝටක තුල තොරතුරු අඩංගු කර ඇත.එම නිසා වඩාත් සියුම් නිර්මාණ වලදී වැදගත් වන්නේ Coded ක්‍රමයයි. මෙයට උදාහරණයක් වශයෙන් ලෙස DNA දැක්විය හැක.

ස්වයං එකලස් වීමකදී වැදගත් කරුණු ලෙස පහත දෑ දැක්විය හැකිය.
1.මුලද්‍රව්‍ය
2.අන්තර් අංශු ක්‍රියාකාරිත්වය
3.සචලතාව
4.සමතුලිතතාව/ස්ථායිතාව
5.පරිසර තත්ත්ව

පර්යේෂණ මට්ටමේදී මෙහි මුලද්‍රව්‍ය ලෙස නැනෝ , මයික්‍රෝ අංශු සමුහ/කණ්ඩ යෙදේ. මෙහිදී  වැදගත්ම කරුණ වන්නේ අන්තර් අංශු ක්‍රියාකාරිත්වයයි. මන්ද යත් මෙම එකලස් වීමේ ක්‍රියාවලිය පාලනය වීමට එය ඍජුවම බලපාන බැවිනි. තවද ස්වයං එකලස් වීම පරිසර තත්ත්ව වලට ද සංවේදී වන අතර පරීක්ෂණ වලින් දැනට සොයාගෙන ඇති අන්දමට ද්‍රවමය මාධ්‍යයන් මේ සඳහා වඩාත් යෝග්‍ය වනු ඇත.

වැදගත්කම


අභ්‍යවකාශ ගවේෂණ වලදී  විද්‍යාඥයින්ට  මුහුණ දීමට සිදු වී ඇත ප්‍රදාන ගැටළුවක් වී ඇත්තේ එලෙස ගවේශන කටයුතු වලට අවශ්‍ය වන විශාල උපකරණ ප්‍රවාහනය කිරීමට අපහසු වීමයි.නමුත් මෙලෙස ස්වයං එකලස් වියහැකි යන්ත්‍රයක් නිපදවීමට හැකිවුවහොත් එවැනි ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇත.


එමෙන්ම වෛද්‍ය විද්‍යාවේදී මෙම ස්වයං එකලස් තාක්ෂණයට අනුව මයික්‍රෝ රොබෝවරු සැදීමට හැකිවුවහොත් සාමාන්‍ය මයික්‍රෝ රෝබෝවෙකුට  සිරුරේ ලඟාවිය නොහැකි ස්ථාන වලට මෙම මයික්‍රෝ රොබෝවරු යවා මෙතෙක් විසඳුම් ලබා ගැනීමට නොහැකිව තිබු වෛද්‍ය විද්‍යාවේ ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇත.
තවද මෙලෙස එකී නොකී සෑම විද්‍යාවකම උන්නතියට මෙම ස්වයං එකලස් වීමේ තාක්ෂනය උපයෝගී වනු ඇත.

අවසාන වශයෙන් මා හට පැවසීමට ඇත්තේ කෙලෙසකින් හෝ මෙම තාක්ෂණය 100% ප්‍රායෝගිකව සාර්ථක වුවහොත් එය විද්‍යාවේ ආශ්චර්යක්ම වන අතර මිනිසාට දැනට සිතීමට වත් අපහසු දැවැන්ත හා සියුම් දියුණු නිර්මාණ අනාගත ලෝකය හැඩ කරනු ඇති බවයි.

අන්තර්ජාලය,wikipedia හා විදුසර විද්‍යා සඟරාව ඇසුරිනි.

මෙම ලිපිය හා බ්ලොග් අඩවිය පිළිබඳව ඔබ කමෙන්ටු මගින් දක්වන අදහස් මීළඟ ලිපියේ සාර්ථකත්වයට මා දිරිමත් කරනු ඇත.

No comments:

Post a Comment